වර්තමාන ප්‍රවණතාව දිගටම පැවතුණහොත් එක්සත් ජනපදය දෛනිකව නව කොවිඩ්-19 ආසාදිතයන් 100,000ක් වාර්තා කරන ලකුණු පෙන්නුම් කරන බව බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.
"අවාසනාවකට අපට කනගාටුවීමට සිදුවන තත්ත්වයක්" වෛද්‍යවරයා සඳහන් කරයි. "අපි ඉක්මනින් නැගී සිටිය යුතුයි. සති හතකට පෙර කම්කරු දිනයට අප ආපසු ගියහොත් අපේ දෛනිකව වාර්තා වුණේ ආසාදිතයන් 35,000ක් පමණයි. නමුත් දැන් අපේ දෛනික ආසාදන 70,000කට වඩා ඉහළින් වාර්තා වෙනවා. ඒ නිසා ඉදිරි සති කිහිපයේ අපේ දෛනික ආසාදන 100,000ක් දක්වා ළඟා වුණොත් මා පුදුම වෙන්නේ නැහැ."
විශාල ආසාදන සංඛ්‍යාවක් වළක්වා ගත හැකි බව වෛද්‍යවරයා විශ්වාස කරයි. නමුත් ඔහු පැවසුවේ, "අපට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පෙලඹීමක් නැහැ. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ දෛනික ආසාදන 100,000ක් අපට බලාපොරොත්තු වීමට සිදුවෙනවා."
කෙසේ වෙතත් වර්තමාන කොවිඩ්-19 සිද්ධීන් සමග දෛනික මරණ සංඛ්‍යාව ඉහළ නොයනු ඇති බව වෛද්‍යවරයා දැඩිව බලාපොරොත්තු වෙයි.
"අපි ප්‍රතිකාර සමග වඩා හොඳ තත්ත්වයකට පත්ව සිටිනවා. හේතුව එයයි" වෛද්‍යවරයා පැවසීය. "නමුත් තවමත්, ඇමරිකානුවන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව මිය යමින් සිටින බවද අප අමතක නොකළ යුතුයි"