ඇමරිකානුවන් ඡන්ද විමසීමට ගිය දිනයේම, රට තුළ නව කොවිඩ්-19 ආසාදන 91,500කට වඩා වාර්තා කර ඇති අතර, වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව ඊයේ දිනයේ රට තුළ ආසාදන 100,000ක් ඉක්මවා ගොස් ඇති බව අනාවරණය කරයි.
කරට කර ජනාධිපතිවරණ තරගය රට ග්‍රහණයට ගෙන ඇති මොහොතක, රට පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක ආසාදනවල ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව සඳහන් වෙයි.
එක්සත් ජනපදයේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 9.5කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඇමරිකානුවන් 233,600කට වැඩි පිරිසක් වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත.
මැතිවරණ දිනයට පෙර පැවති රැලිවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේද නොවැම්බර් 3දා මැතිවරණ දිනයෙන් පසුව වෛරසයට ප්රවෘත්ති ආවරණයක් නොලැබෙන බවය.
එහෙත් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් මෙම තීව්ර වන මහජන සෞඛ්‍ය අර්බුදය සමග ගැටෙන ප්රවෘත්ති යටපත්වී නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සෘතුවම උණ සමය ආරම්භ වීමත් සමග කොවිඩ්-19 වසංගතයද සමපාත වන බැවින් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.