ඇමති මනෝ ආණ්ඩුවේ සායම යවයි
රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුද හමුදාව එක්ව නිවස ලබාදුන් එකදු නිවසක් හෝ රජය උතුරු නැගෙනහිර ජනතාවට ලබාදී නොමැති බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. මේ නිසා උතුරු නැගෙනහිර ජනතාව රජය කෙරේ කලකිරීමකින් සිටින බවද ඔහු පැවැසීය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.
එමෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රීවරුන් සිංහල සහ දෙමළ භාෂා දෙකම දැනගෙන සිටිය යුතු බවත් තමන්ට බලයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට භාෂා තුනම අනිවාර්ය කරන බවත් සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දමිළ භාෂාව ඉගෙන ගැනීමත් සිංහල භාෂාව ඉගෙන ගැනීමත් පාර්ලිමේන්තුවේ පංති පැවැත්වුවත් මේ වන විට එහි කිසිදු මන්ත්‍රීවරයකු ඉගෙන ගැනීමට එක්නොවන බවත් හෙතෙම සඳහන් කළේ ය.
උතුර නැගෙනහිර ප්‍රදේශවල නිවාස ලක්ෂයක් තනාදීමට මීට වසර තුනකට ඉහතදී රජය තීරණය කළ බවත් නමුත් ආණ්ඩුවට එකම නිවසක් හෝ සාදා දීමට නොහැකි වී තිබෙන බවත් ඉන්දියානු ආණ්ඩුව නිවාස හතළිස් පන්දහසක් සාදා ඇති බවත් හමුදාවද ඉදිරිපත් වී තවත් නිවාස රැසක් ජනතාව වෙනුවෙන් තනා දී ඇති බවද පැවසීය.
එම නිවස ලක්ෂයකින් පනස්දාහක් ස්වාමිනාදන් අමාත්‍යවරයාට භාර දී තිබෙන බවත් ඔහු එක ගලක්වත් නිවාස ඉදිකිරීම සඳහා තබා නැතැයිද චෝදනා කළේය. නිවාස පනස් දහසක් ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයක සිරවී තිබෙන බවත් එම නිවස පනස්දහස තම අමාත්‍යාංශයට ලබා දෙන බවට පොරොන්දු වුවද එය තවමත් අග්‍රාමාත්‍ය වරයාගේ කාර්යාලයේ සිර වී තිබෙන බවත් පැවැසීය.
ස්වාමිනාදන් අමාත්‍යවරයාට එම ප්‍රදේශයේ ජනතාව බනින බවත් තමාට ජනතාවගෙන් දොස් ඇසීමට නොහැකි බව ද සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන් මහත්මියගේ වැරදි කතාවට තමන් එකඟ නොවන නමුත් එම කතාවට බනින මිනිසුන් උතුරු නැගෙනහිර ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීම සඳහා අසමත් වී තිබෙන බවද ප්‍රකාශ කළේය.
විජයකලා මහේෂ්වරන් කළ මතය තුළම ජනතාව එල්බ සිටින බවත් ආණ්ඩුව ස්ථාපිත කර දීම, ඇමතිවරුන් ලබාදීම, රටේ වෙනසක් ඇති කිරීම, ජනපතිවරයෙක් ඇතිකිරීම ,අග්‍රාමාත්‍යවරයෙක් ඇතිකිරීම, සියල්ල උතුරු නැගෙනහිර ජනතාව සිදු කර දුන් බවත් නමුත් එම ජනතාවට කිසිදු සංවර්ධනයක් නැතැයි ද යන මතය තුළ ජනතාව සිටින බව සඳහන් කළේය.
ඒස් කරුණාරත්න

popular news
-
Champa Thursday, 12 July 2018 09:04 AM
අම්ම්ම්ම්මා ..... "ආණ්ඩුව ස්ථාපිත කරදීම, ඇමතිවරුන්ලබාදීම, රටේ වෙනසක් ඇතිකිරීම, ජනපතිවරයෙක් ඇතිකිරීම ,අග්‍රාමාත්‍යවරයෙක් ඇතිකිරීම, සියල්ල උතුරුනැගෙනහිර ජනතාව සිදුකර දුන් බවත්..... " උතුරු නැගෙනහිර චන්ද හංසයාට ලැබුනේ 744,751 විතරයි. ඒකෙන් කියලද කියන්නේ යහපාලන ආණ්ඩුව හැදුවේ? ගෙවල් මොකොටද? ගෙවල් ඉල්ලුවේ නැහැනේ. ඉල්ලුවේ හමුදා කඳුවුරු ඉවත් කරන්න කියල. ඒක කළා. උතුරුට යවන්න තහනම් කරපු වෙඩිබෙහෙත් අරවමේවා තියෙන ලැයිස්තුව අහෝසි කරන්න කිව්වා. ඒක කළා. හමුදාව යුධ අපරාධ කළා කියලා UN එකට පිළිගන්න කිව්වා. ලියවිල්ලකින්ම ඒක කළා. ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්න කිව්වා. කළා. හමුදාවේ ඉඩම් දෙන්න කිව්වා. දුන්න. හමුදවට විරුද්ධව නඩු දාන්න පුළුවන් වෙන්න ICPPED ගෙන්න කිව්වා. ගෙනාව. සිවිල් වැසියන් අතුරුදහන් කළා කියලා පිලිඅරන් OMP කන්තෝරුව හදන්න කිව්වා. ඒකත් කළා. Interpol එකට දීල තියෙන භයානක ත්රස්තවාදීන්ගේ නම් ලැයිස්තුව අහෝසි කරන්න කිව්වා. කළා. LTTE diaspora එකේ කළු සල්ලි සුදු කරලා දෙන්න කිව්වා. කළා. රටබෙදන ව්‍යවස්ථාව ගෙන්න කිව්වා. කොහොමහරි චන්දෙ විමසුවේ නැතත් ඒකත් ගෙනාව. මේ ඔක්කොම ලක්ෂ 7ට. ඉතුරු ලක්ෂ 54 ට?
Reply : 0 0
PuBha Thursday, 12 July 2018 12:33 PM
අනේ ඇමති තුමෝ ඔබ තුමා නම් දෙයියෙක් ලංකාවේ උඩ පැත්තේ මිනිස්සුන්ට. ඔබ තුමා ලංකාවේ දකුණු පැත්තේ සහ මැද මිනිස්සු ගැනත් ඔය විධියට හිතනවා නම් අපි අගය කරලා සලකනවා. දැන් ඉන්න ඇමති වරු උඩට තියා ලංකාවේ කොහේටවත් වැඩක් කරන උන් නෙවෙයි. උන් උන්ට හම්බු කරගන්නවා විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

