බන්ධනාගාරගත රැඳවියන්ගේ ඇප අයදුම්පත් සලකා බැලිම හා රිමාන්ඩ් ගත කිරිම් දිර්ඝ කිරිමට විඩියෝ සාකච්ජා පද්ධති භාවිතා කිරිමට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වසින් තිරණය කර තිබේ.
රට පුරා බන්ධනාගාර 23ක 15,000ක් පමණ රිමාන්ඩ් රැදවියන් රදවා සිටින අතර ඔවුන්ගෙන් 5,400ක් පමණ දෛනිකව අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතුය තිබේ.
රටේ දැනට පවතින කෝවිඩ් තත්ත්වය මෙන්ම රිමාන්ඩ් රඳවියන් ප්‍රවාහනය කිරිමේදි ඔවුන්ට සිදුවන වෙඩිවැදිම් වැනි සිද්ධින් හේතුවෙන් එම තත්ත්වයෙන් මඟහරවා ගැනිමට බන්ධනාගාරය තුළදිම ඔවුන්ගේ ඇප අයදුම්පත් විඩියෝ පද්ධති භාවිතා කරමින් ක්‍රියාත්මක කිරිමට අධිකරණය මෙලෙස තිරණය කර තිබේ.
ඒම වැඩසටහනේ පළමු අදියර වශයෙන් කොළම දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23ක සහ බන්ධනාගාර 4ක ස්ථාන 12ක යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
