නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම අවම සේවක සංඛ්‍යාවක් යොදවා ගනිමින් සිය සේවා පවත්වාගෙන යන ලෙසද යුද හමුදාපතිවරයා රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මාර්ග බාධකවල සේවය කරන ආරක්ෂක අංශ සාමාජිකයන් අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පිටව යන අය සම්බන්ධයෙන් නම්‍යශීලීව කටයුතු කරන බවද ඔහු පැවැසීය.
දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන සැප්තැම්බර් 06 දා අලුයම 4තෙක් ක්‍රියාත්මක බවත් එන්නත් කරණ කටයුතු සඳහා එය බාධාවක් නොවන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.