නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 19 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 37කි.
පොලිස් බල ප්‍රදේශ 18ක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් විශේෂයෙන් විභාග වලට මුහුණ දෙන සිසුන් දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවත් තම විභාගය අවසන් වු වහාම පවතින තත්ත්වය මත නිවෙස් වෙත යා යුතු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.