ජනපති වැය ශීර්ෂය සියයට 90කින් කපා හරින බවත් ඇතැම් ජනපති මන්දිර පුස්තකාල බවට පත්කරන බවත් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය (අපේක්ෂාවේ උදානය) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි. එය ජනාධිපතිවරයාටත් වලංගුයි. අවුරුදු පහක් හිටියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප කපා හරිනවා.
හිටපු ජනපතිවරු, ආර්යාවන් මහජනයාගේ බදු මුදලින් නඩත්තු කිරීම නවතා දමනවා. කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා. රාජ්‍ය අමාත්‍යධුර කැබිනට් නොවන අමාත්‍යධුර වැනි කිසිඳු වර්ගයේ අමාත්‍යධුරයක් යළි ඇති කිරීමට ඉඩ දෙන්නේ නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර කප්පාදු කරනවා . ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දිනවල කෝටි 7කට වැඩියි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරනවා.
ජනපතිවරයා වෙනුවෙන් රටපුරා ගොඩනගා ඇති මාලිගා ඒ සියල්ල ඒ ස්ථාවවලට උචිත වන පරිදි සංචාරක හෝටල්, සංස්කෘතික මධ්‍යස්ථාන, සමහර විට පුස්තකාල බවට පත්කරනවා.
මහජනතාවගෙන් හොරකම් කළ සියලු මුදල් යළි පවරා ගන්නාවා මහජනතාවට ප්රතිලාභ දෙන ලෙස”