ගිනිගත්හේන මෝරහේනගම පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හල තවදුරටත් වසා දැමිමට උපදෙස් ලබා දිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මෙම ඇගලුම් කම්හලින් මේ වන විට කොවිඩ් ආසාදිත සේවිකාවන් 52 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස 130 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම ඇගලුම් කම්හල වසා දැමිමට උපදෙස් දුන් බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
මෙසේ පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඇති සේවිකාවන්ගේ වාර්ථා තව දුරටත් ලැබිමට නියමිත බවත් එහ වාර්ථා ලැබෙන තෙක් මෙම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට එහි පාලන අධිකාරිය වෙත උපදෙස් ලබාදි ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා