කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේ දි කළ පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරු වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන මහතා පවසයි.
මෙකි ඇගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා පියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ අනික් සාමාජිකයින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
ඔවුන් 05 දෙනා සදහා දෙවැනි වතාවට ද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරන බවද ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරිවරයා පවසයි. කොරෝනා ආසාදනය වි ඇති 16 හැවිරිදි දියණිය කොළඹ අයි.ඩි එච් රෝහල වෙත යැවිමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා සදහන් කළේය.
එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු ඇයගේ සැමියා දරුවන් සිව්දෙනා හා පියා හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණු ලැබිය.