ආසාදිතයින් හමුවු ප්‍රදේශ
බස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,400 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.
ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඊයේ (07) දිනය තුළ පමණක් ආසාදිතයින් 1,393 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 591කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 368 ක් හඳුනාගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදීය, නාරාහේන්පිට ,බොරැල්ල, මහරගම, මරදාන, අවිස්සාවේල්ල, පිළියන්දල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඊට අමතරව කුරුණෑගල 127ක්, මහනුවර 78 ක්, රත්නපුර 53ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
කොවිඩ් ආසාදිතයින් 1,914ක් ඊයේ (07) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 121,338ක් දක්වා ඉහළගොස් ඇත.
ඊයේ දිනයේ හදුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 1,889 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයින් වන අතර 25 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ය.
මේ වනවිට කොවිඩ් -19 ආසාදිත රෝගීන් 101,763 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර රෝගීන් 18,811 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
