ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම නීතියක් කරනවා
ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර ඇති බවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්රවාහණය කිරීම පොදු නීතියක් බවට පත් කරන බවත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (28දා) හම්බන්තොට පැවැති මහජන රැස්වීමක් අමතමිනි.
“මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දීමට සිදු වුයේ අපේ රටේ පොදු ප්‍රවාහණ සේවා කාර්යක්ෂමව හා ගුණාත්මකව ක්‍රියාත්මක නොවූ නිසා කියලා මම විශ්වාස කරනවා. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පොදු ප්‍රවාහණ සේවා භාවිතා කරමින් තම දෛනික කටයුතු සිදු කර ගත හැකි වන පරිදි අප රටේ පොදු ප්‍රවාහණ සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මම පියවර ගන්නවා.
පසුගිය මාස කිහිපය තුළ ඒ් සඳහා ගත් පියවර අතර බස් රථයක් පැමිණෙන වේලාව දැක්වෙන පරිදි නව ජංගම යෙදවුමක් හඳුන්වා දුන්නා. දැන් බස් රථයක් එනකම් හෝල්ට් එකේ රස්තියාදු වෙන්න ඔිනැ නැහැ. හරියටම වෙලාව බලාගෙනම එන්න පුලුවන්. බස් එක එනවද? නැද්ද කියන එකත් දැනගන්න පුලුවන්. අනික් කාරණය තමයි ඉදිරියේ දී මාර්ගවල ධාවනය කෙරෙන්නේ ලොරි චැසිවලට බොඩි ගහපු බස් නොවෙයි. නියම බස් රථ රථ අපි ධාවනය සඳහා යොදවනවා. මේ වසරේ එවැනි බස් රථ 80ක් අපේ සේවය එක්වෙනවා.
පොදු ප්රවාහණය සංවර්ධනය කළ හොත් ජනතාව තම පුද්ගලික වාහන පාරට දාන්නේ නැහැ. ඒ් නිසා මාර්ග තදබදයත් අවම කරන්නට අපිට පුලුවන්. ඒ් වගේම දුම්රියවල ගමන් කරන මගීන්ට තමන් පැමිණෙන වාහනය ගාල් කර කර තබා දුම්රියෙන් ගමන් කළ හැකි වන පරිදි Park and Drive ක්‍රමයත් අපි හඳුන්වා දෙනවා.
දැනටමත් බෙලි අත්ත දුම්රිය ස්ථානය අසළ වාහන 3000ක් පමණ ගාල් කළ හැකි නැවතුමක් හදා තිබෙනවා. මෙම වැඩ පිළිවෙළ සෙසු දුම්රිය ස්ථාන අසළත් අපි ක්‍රියාත්මක කරනවා .
එසේ පොදු ප්රවාහණය සංවර්ධනය කළහොත් මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එකත් නතර කරන්න පුලුවන්”
popular news
-
Deepal Nirosh Wednesday, 29 July 2020 01:24 PM
එතකොට මහත්තයො ගමන ආරම්භක නැවතුමේ අයට විතර ද බසයක යන්න පුළුවන්? අතරමඟ නැවතුම්වල මගින් කොහොම ද ගමනක් යන්නෙ? ඔය නීති හදන්න කලින් පාරට බැහැල නිරීක්ෂණයක් කරල ඉන්න. මහජනතාවගෙ ගැටව එරියට තේරුම් ගන්න.
Reply : 0 0
Wije Wednesday, 29 July 2020 01:41 PM
Dear Sir. it is very good idea which is you are going to implement. you have to develop and enhance new ideas for the passenger buses. As you know, all passengers have their privilege if they paid for bus and get the comparable services. AC is compulsory. Regards, Wije
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
