ඉදිරි මාසවලදී කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව පහත වැටීමෙන් රැවටෙන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා හි ළමා රෝහලේ එන්නත් අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය පෝල් ඔෆිට් අවධාරණය කරයි.
"මම හිතන්නෙ, අපි රැවටෙන්නයි යන්නෙ?" ඔෆිට් බ්‍රහස්පතින්දා ඇස්පන් ආයතනය විසින් පවත්වන ලද අතථ්‍ය උත්සවයකදී පැවසීය. "ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙය විශාල ඉදිරි පියවරක් ලෙස දකිනවා. අපිට හොඳයි කියා සිතනවා. මේ නිසා ඔවුන් තුළ එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුවද අඩු වෙනවා. අපි මේ වසංගතය ජය ගත්තා යැයි ඔවුන් සිතනවා. නමුත්, අප සිතන දේට අප තවම පැමිණ නැහැ. ස්වාභාවික හෝ එන්නත් ආශ්රිත ප්‍රතිශක්තිකරණයෙන් අවම වශයෙන් 80% ක ජනගහනයකට ප්‍රතිශක්තියක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. එසේ නොවුණොත් මේ වසංගතයේ යළි නැගී සිටීමක් අපට දකින්නට ලැබේවි."
ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත් උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන ඔෆිට්, ජයග්‍රහණය කල්තියා ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනතාවට අවවාද කළේය.
"මේ වෛරසය පැතිරීම අප විසින් සාර්ථකව නතර කර තිබේද, නැද්ද යන්න පිළිබඳ සැබෑ පරීක්ෂාව ලබන ශීත සෘතුවේදී පැමිණෙනු ඇති. ඒ නිසා සුභවාදී වීමට හේතු තිබියදීත්, මේ වනවිටත් ඔප්පු කරන ලද වසංගතය අවම කිරීමේ මහජන සෞඛය පුරුදු (මුඛ ආවරණය, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථකරණය) අත්හැර දැමීමට තවම කාලය නොවෙයි." ඔෆිට් වැඩිදුරටත් අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ආදී ප්‍රාන්තවල ඇතැම් සීමා ඉවත්කිරීම ගැනද ඔහු කණස්සල්ල පළ කළේය. ඒ අනුව, වසංගතයේ පළමු රැල්ල සාර්ථකය ජයගෙන අනවශ්‍ය ලෙස සීමා ලිහිල් කිරීමට ගොස් අවදානමට ලක්වූ රටවලටද මෙය මෙම එන්නත්කරණය හමුවේද වඩාත් දූරදර්ශී අනතුරු ඇඟවීමක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.