නව කොරෝනා වෛරස සිද්ධීන් සැබවින්ම එක්සත් ජනපදය පුරා පැතිර ඇති බවත්, එය පරීක්ෂණ වැඩි නිසාම සිදුවූවක් නොවන බවත් ධවල මන්දිරයේ නව කොරෝනා කාර්ය සාධක බලකායේ සාමාජික අද්මිරාල් බ්‍රෙට් ගිරොයර් පවසයි.
කෙසේ වෙතත් බ්‍රෙට් විසින් පළ කළ මෙම අදහස ඇමෙරිකානු නායකයාගේ අදහසට හාත්පසින්ම වෙනස්, පවතින විද්‍යාත්මක තත්ත්වය පැහැදිලි කිරීමක් බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
මාර්තු සහ අප්‍රේල් මාසවලදී පුද්ගලයන් 10ක් හෝ 15ක් අතරින් එක් ආසාදන සිද්ධියක් අනාවරණය කරගෙන ඇති බව පවසන බ්‍රෙට්, අද තත්ත්වය එම කාල පරිච්ඡේදය හා සැසඳිය නොහැකි බව කීවේය.
ඒ අනුව මේ වනවිට ආසාදන ඉහළ ගොස් ඇති අතර රෝහල් ගතවීම්ද ඉහළ යන බව බ්‍රෙට් පැහැදිලි කළේය.
ඒ අනුව රටේ සමහර ප්‍රදේශවල රෝහල් පිරී යමින් යළිත් මානසික ආතතියට ලක්ව ඇති බව පෙන්වා දෙන බ්‍රෙට්, කෙසේ නමුත් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ජූලි මාසයට වඩා තවමත් අඩු බවද පැවසීය.
"අපට ඇත්ත වශයෙන්ම පවතින්නේ මිශ්‍ර චිත්‍රයක්. නමුත් දැන් අපි දුර්වලයි. වසංගතය පාලනය වන බවට අප දැනටමත් දන්නා, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත්, එම රෝහල් ගතවීම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි" බ්‍රෙට් පැවසීය.
"එක් හොඳ දෙයක් නම්, වැඩිහිටියන්ට සාපේක්ෂව බොහෝ තරුණ තරුණියන්ට වෛරසය වැලඳී තිබීමයි." මෙය රෝහල් ගතවීම් අඩු වීමට එක් හේතුවක් බවද බ්‍රෙට් පැවසීය. එසේම, ඵලදායී ප්‍රතිකාර කිහිපයක් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.