ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහ ප්‍රංශ ජාතික සෞඛ්‍ය ඒජන්සියේ දත්තවලට අනුව, නව කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියන 2 ක් වාර්තා වූ පළමු රට බවට ප්‍රංශය පත්ව තිබේ.
අඟහරුවාදා සවස ප්‍රකාශයක් නිකුත් කරමින් එරට සෞඛ්‍ය ඒජන්සි අධ්යක්ෂ ජෙරොම් සලමොන් තහවුරු කළේ ප්‍රංශයේ කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සමස්ත එකතුව දැන් අවම වශයෙන් මිලියන 2ක ඉක්මවා ඇති බවය.
"නගරවල හෝ ග්‍රාමීය ප්‍රදේශවල වේවා, සියලුම කලාප, සියලුම අගනගර ආශ්‍රිතව මේ වනවිට වෛරසය බලපෑම් කර තිබෙනවා." සලමොන් පැවසීය. "අප සැවොම මුහුණදෙන මේ දෙවැනි රැල්ල දැවැන්ත මෙන්ම, මාරාන්තික වන අතර අපගේ රැකබලා ගන්නන් සහ සමස්තයක් වශයෙන් අපගේ සෞඛ්‍ය පද්ධතිය පීඩාවට පත් කරමින් තිබෙනවා."
ප්‍රංශය මේ වනවිට යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, සලමොන් සඳහන් කළේ වර්තමානයේදී ප්‍රංශයේ නව කොරෝනා වෛරස ප්‍රජනන අනුපාතය එකකට වඩා අඩු මට්ටමක පවතින අතර, පසුගිය සතියේ දෛනිකව වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බවය.
"මෑත දිනවලදී නව ආසාදිතයන් සංඛ්‍යාව අඩු වී ඇති අතර, වසංගතය පාලනය කිරීම සඳහා වන උත්සාහයන් දෙගුණ කිරීම මීට හේතුවයි." යැයි සලමොන් පැවසීය. "ජාතික වශයෙන් නව කොරෝනා වෛරස් සීමා කිරීම් ප්‍රසිද්ධියේ පිළිපැදීම දැන් ප්‍රංශයේ ඵල දැරීමට පටන් ගෙන තිබෙනවා."
"සියලු සාමූහික ප්රයත්නයන්, ඇඳිරි නීතියට ගරු කිරීම සහ ජාතික ලොක්ඩවුන් පියවර මේ ධනාත්මක ප්‍රවණතාව සඳහා හේතු වී තිබෙනවා. ඉතා සුපරීක්ෂාකාරීව හා බලමුලු ගැන්වීමෙන් වසර අවසාන සැමරුම් සහ ශීත සෘතු මාස වඩාත් ආරක්ෂිත තත්වයන් යටතේ ගතකිරීමෙන් අපට මෙය ජයග්‍රහණය කළ හැකියි." සලමොන් වැඩිදුරටත් පැවසීය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ප්‍රංශයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට, 2,087,183ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 46,346කි.