නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා තවදුරටත් කලාපීය අගුලු දැමීම් ග්‍රීසිය විසින් නිවේදනය කරන ලදී.
රටේ දෙවැනි විශාලතම නගරය වන තෙසලෝනිකි සහ ලැරිසා නගරය මෙන්ම, රෝඩෝප් කලාපය අද (30දා) පෙ.ව. 6.00 සිට අගුලු දැමීම සිදුවන අතර, මේ සමග එරට සමස්ත කලාපීය අගුලු දැමීම් 7ක් දක්වා ගෙන එයි.
"නව ආසාදිතයන්ගේ සාමාන්‍ය වයස් සීමාව මෙන්ම දෛනික සම්බන්ධතා සොයාගැනීම්වලින් පෙනී යන්නේ විශාල සමාජ රැස්වීම්, විනෝදාස්වාද උත්සව සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් සමග ආසාදිතයන් සම්බන්ධ වී ඇති බවයි" සිවිල් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නිකොස් හර්දාලියාස් පැවසීය.
මේ තත්ත්වය තුළ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් අද දිනයේ තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රටම ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම තම අරමුණ බවත්, ඒ වෙනුවට දැඩි මහජන සෞඛ්‍ය පියවර හා දැඩි සීමාවන් තීව්ර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම අගුලු දැමීම් පැනවෙන කලාපවල ඇඳිරි නීතිය දැඩිව ප්‍රකාශයට පත්වනු ඇති බව ග්‍රීක මාධ්‍ය වාර්තා කර තිබේ.
ග්‍රීසියේ ජාතික මහජන සෞඛ්‍ය සංවිධානයට අනුව, එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 35,510ක් වාර්තා වී ඇති අතර, එම රෝගයෙන් මියගිය සංඛ්‍යාව 615කි.