ඇමෙරිකා එක්සත් ජනපදය ගෙවීගිය සිකුරාදා දිනයේ නව කොවිඩ්-19 ආසාදන 150,000ක සීමාව පසුකරමින් නව දෛනික ආසාදන වාර්තාවක් පිහිටුවා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව එක්සත් ජනපදයෙන් සිකුරාදා වාර්තා වී ඇත්තේ අවම වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 154,576කි.
වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන වාර්තාකරණයද මෙයයි. මේ දක්වා වාර්තා වී ඇති දෙවැනි වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව 153,496කි.
එමෙන්ම මෙය සිකුරාදා දිනයේ අවසාන ගණනය කිරීම නොවන අතර, අඛණ්ඩව ගණනය කිරීම් සිදුවන නිසා සිකුරාදා සමස්ත ආසාදන මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.
මේ වනවිට එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 244,207ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආසාදනව වූ රෝගීන්ගෙන් 4,051,256ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.