ප්‍රංශයේ වෛරසය පාලනය කර යම් කාලයකින් පසුව යළිත් ආසාදිතයන් අඛණ්ඩව ඉහළ යෑම ඇරඹී ඇති නිසා නගර කිහිපයකම නව මුඛ ආවරණ අවශ්‍යතා සහ කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා වූ වෙනත් ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ප්‍රංශ රජය දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට උනන්දුවක් දක්වන අතරම, ගිම්හාන නිවාඩු කාලය තුළ දැඩි අගුලු දැමීමකට නොගොස් , දිනපතා වාර්තා වන ආසාදිත පොකුරු මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවය පිළිබඳ මගපෙන්වීම් වේගවත් කර ඇති බව කියයි.
ගෙවීගිය පැය 24 තුළ ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොවිඩ්-19 මරණ 15 ක් වාර්තා කර ඇති අතර එය වෛරසය පැතිර යාම ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත මරණ සංඛ්‍යාව 30,241ක් දක්වා ඉහළ නංවා තිබේ.