ලෝකයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන රාජ්‍යයන් ලැයිස්තුවේ මුල් දස දෙනා අතර චීනය පසුකරමින් ඉදිරියට පැමිණි නවතම රාජ්‍ය බවට රුසියාව පත්ව තිබේ.
ඒ අනුව ආසාදිත ලැයිස්තුවේ 9 වැනි තැන තිබූ චීනය 10 වැනි තැනට දමමින් ආසාදිතයන් 87,147ක් සමග රුසියාව ඉදිරියට පැමිණ ඇති අතර, චීනය 10 වැනි තැනට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රුසියාවේ වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 794ක් ලෙසිනි. ආසාදිතයන් ඉහළ ගියද මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වා ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව ඉන් කියැවෙයි.
මේ අතර ආසාදිත ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ පසුවන චීනය නව කොරෝනා වෛරසය මූලාරම්භය සිදුවූ රාජ්‍ය වුවත්, ඔවුන් දැනටමත් වෛරසය රට තුළ සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව තිබේ.