කොවිඩ්-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සැලකිය යුතු ආසාදිතයන් පිරිසක් මුලින්ම වාර්තා වූ චීනය මේ වනවිට වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති පසුබිමක, ලොව පුරා වෛරසය ආසාදිතයන් වැඩිම රටවල් අතර චීනය පසුකරමින් රටවල් රැසක් වෛරසය පාලනය කරගත නොහැකිව ඉදිරියට පැමිණ තිබේ.
එ අනුව ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය, 14 වැනි තැනට පත්කරමින් කැනඩාවේ ආසාදිත අගය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව කැනඩාව මේ වනවිට ආසාදිතයන් 86,105ක් සමග එම ලැයිස්තුවේ 13 වැනි තැනට පත්ව ඇති අතර, එම ස්ථානයේ සිටි චීනය ආසාදිත අගය 84,084ක් සමග 14 වැනි තැනට පත්ව තිබේ.
කැනඩාවේ මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 6,533ක් වාර්තා වන අතර, සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 43,998කි. වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති චීනයේ සිදුව තිබූ මරණ සංඛ්‍යාව 4,638ක් වන අතර, ආසන්න කාලයේදී කිසිදු මරණයක් චීනයෙන් වාර්තා නොවීය. එරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79,338කි.
ආසාදිත ලැයිස්තුවේ වැඩිම ආසාදිත පිරිසක් සමග ඇමෙරිකාව පෙරමුණේ සිටින අතර, බ්‍රසීලය, රුසියාව, මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, තුර්කිය, ඉන්දියාව, ඉරානය, පේරු රාජ්‍යය හා කැනඩාව ඉදිරියෙන්ම සිටින 13 දෙනා අතර වෙයි.