කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ යම් පහත වැටීමේ ප්‍රවණතාවක් ස්වාභාවිකවම සිදු නොවූ බවත්, මේ නිසා සෑම රටක්ම උදාසීන නොවී කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
"මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් ඊයේ (25දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. .
"දැන් මගේ කනස්සල්ල වී ඇත්තේ, වර්තමාන ආසාදන පහත වැටීම ස්වාභාවික සෘතුමය බවක් නියෝජනය කරන බවට මිනිසුන් උපකල්පනය කිරීමයි. එය භයානක උපකල්පනයක් යැයි මා විශ්වාස කරනවා" ඔහු පැවසීය.
"පහත වැටීමේ ප්‍රවණතාවය ස්වාභාවිකවම සිදු වූ බව මිනිසුන් උපකල්පනය කරන විට එය සැබවින්ම කනස්සල්ලට කරුණක්" බව රයන් පැවසීය. "යථාර්ථය නම්, එය සිදුව ඇත්තේ ජනගහනය කෙරෙහි දැඩි ලෙස බලපා ඇති ඉතා දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසායි."