කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් හඳුනාගත් වහාම පී.සී.ආර්. පරීක්ෂණ නොකරන බවත් වෛරසය ශරීර ගත වූ පමණින් රෝග ලක්ෂණ මතු නොවන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසිය.
වෛරසය ශරීර ගත වී දින 2 -10ත් අතර කාලයකදි පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු බවත් ඔහු පැවැසීය. එසේ නොමැතිව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම හරහා මුලින්ම වාර්තා සෘණාත්මක විය හැකි බවත් ඔහු පැවැසීය.
ඒ අනුව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් චකිතයක් ඇතිකර නොගත යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 328000කට අධික සංඛ්‍යාවක් කර ඇති බවත් මිනුවන්ගොඩ පොකුර ආරම්භ වීමෙන් පසුව ඔක්තෝබර් 05 දා මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ 26000ක් කර අවසන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජනතා සහාය නිසි පරිදි ලැබේ නම් මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ ඉක්මනින්ම පාලනය කළ හැකි බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.