චුන්නාකම් පොලිස් වසමේ නිවාස තුනකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් සිව්දෙනෙකු ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය පවසයි.
නාගලිංගම් දයාකරන් (28), පංචලිංගම් කිරුසන් (20), සුදාකරන් තවරූබන් (22) හා නඩරාජා මධුෂන් (23) නමැත්තෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
අත්අඩංගුවට පත් සැකකරුවන් ආවා කල්ලි සාමාජිකයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ (08දා) යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
චුන්නාකම් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.