9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා හා ආණ්ඩු පක්ෂය අතර ඇති වූ විවාදයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද එක්විය.
මෙහිදී සංචාරක අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ප්‍රශ්න යොමුකරන විට ආණ්ඩු පක්ෂය සඳහන් කළේ ප්රශ්නය සෘජුව අසන ලෙසයි.
බුද්ධික පතිරණ මහතා - එහෙම බෑ ආලවට්ටම් දාලා ගණ පිහිටුවලා ප්‍රශ්න අහන්න ඕන.
විමල් වීරවංශ මහතා - ඒ කාලේ පැය භාගයකට දුන්නේ ප්‍රශ්න 8ක් විතරයි. දැන් පාර්ලිමේන්තුවේ පැය එක හමාරක කාලයක් ඉවරයි. මේ කාලය නාස්ති වීම නිසා නැතිවෙන්නේ විවාදවලට වෙන්කර ඇති කාලයයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - මන්ත්‍රීතුමා දැන් කිව්වනේ ආලවට්ටම් දාලා ප්‍රශ්න අහන්න ඕන කියලා. එහෙම නැතිව ප්රශ්නය අහන්න.