මේ වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4ක මට්ටමට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
අද (03දා) පෙරවරුවේ මහ බැංකු පැවැති පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රසිද්ධ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
වසරේ මුල් අදියරේදී ආර්ථික වර්ධන වේගය 3.4%ක ලෙස පැවැති බවත් දෙවැනි අදියරයේදී යම් වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් අධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
