ආරුවක්කාලු කසළ අංගය ඉදිරියට පවත්වාගෙන යෑමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතිය මුලින් සැලසුම්කළ ස්ථානයෙන් පරිභාහිරව කරගෙන යෑම නිසා පාරිසරික ගැටලු ඇතිව තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය හදිසියේ නැවැත්වීමට කටයුතු කළ හොත් අධිකරණය කටයුතු හරහා රජයට සිදුවියහැකි පාඩුව පිළිබදව සලකා බලමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
මෙහි නාගරික ගොඩනැගිලි ඝන අපද්‍රව්‍ය බැහැර කිරීටමත්, බලශක්ති ව්‍යාපති මගින් නිපදන අලු තැන්පත් කිරීමටත් එම අංගණය යොදා ගැනීමට නියමිතය.
එසේම මෙහි අපජලය පිරිසිදු කිරීම අඛණ්ඩව කරගෙන යෑමටත් ව්‍යාපෘතිය අවසන් කරන තෙක් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.