ආර්මේනියානු ජනාධිපති ආර්මේන් සර්කිසියන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.
එම කාර්යාලයට අනුව, සර්කිසියන් සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නිවාඩුවක් සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව අනාවරණය වී ඇත.
ඔහු එහිදී සිය කකුලේ සිදුකළ සාර්ථක සැත්කමකටද භාජනය කර තිබුණත්, ඉරිදා කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත. පසුව කොරෝනා වෛරසය සඳහා ඔහු කළ පරීක්ෂණයේ ප්‍රතිඵලය ධනාත්මක විය.
ආර්මේනියානු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 160,544ක් එරටින් වාර්තා වන අතර, පුද්ගලයන් 145,759ක් සුවය ලබා තිබේ. මේ අතර එරට සමස්ත මරණ 2,878ක් වාර්තා වී ඇත.