නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව ඇති ආර්ජන්ටිනාව සඳුදා දිනය වනවිට එරට සමස්ත ආසාදන මිලියනයක සීමාව පසුකළ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාවෙන් පසුව, මිලියනයකට වඩා වැඩි නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා කරන පස්වැනි රට බවට ආර්ජන්ටිනාව පත්ව ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 12,982ක් වාර්තා කර ඇති අතර, ආර්ජන්ටිනාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,002,662ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම වෛරසයෙන් නව මරණ 451ක් වාර්තා වී ඇති අතර, රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 26,716ක් දක්වා ඉහළ ගොස් තිබේ.