ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් විසින් ඔහුගේ පළමු එන්නත් මාත්‍රාව ලෙස රුසියාවේ ස්පුට්නික් වී එන්නත ඊයේ (21දා) ලබා ගත් බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ප්‍රකාශයෙන් කියවුණේ, එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ බවත්, ඔහුගේ ප්‍රමුඛතාවය වන්නේ එය කෙටිම කාලයක් තුළ ආර්ජන්ටිනාවේ බහුතරයකට ලබාදීම බවත්ය.
61 හැවිරිදි වියේ පසුවන ජනපති ෆර්නැන්ඩස්, බුවනෝස් අයර්ස් හි පොසදාස් රෝහලේදී මාත්‍රාව ලබාගෙන ඇත.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත භාවිත කරන ලෙස ආර්ජන්ටිනාවේ ඖෂධ, ආහාර හා තාක්ෂණ ජාතික පරිපාලනය එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණි.
ආර්ජන්ටිනාවට දෙසැම්බර් 24දා ස්පුට්නික් වී එන්නත් මාත්‍රාව 300,000ක් නැව්ගත කෙරුණු බවද විදෙස් වාර්තා පවසයි.