ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයෙකු හමුවූ බව හලාවත රෝහල් අධ්යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි.
මෙම කොරෝනා අසාධිත තැනැත්තිය උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත රෝහලට පැමිණ ඇති අතර ඇයට කොයිඩ් 19 රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු විසින් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ උපදෙස්මත කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇත.
එහිදි ඇයගේ ජෛව සාම්පල් කොටස් අදාල වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඇයට කොයිඩ් 19 වෛරසය අසාධනය වීඇති බවට හෙලිව ඇත.
මෙම කාන්තාව ඩුබායි රටෙහි රැකියාවක නිරතව සිට මීට මාසකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති අතර වව්නියාව නරෝදායන මධ්‍යස්ථානයෙන් දින 14ක් නිරෝදායනය වී නැවත ආරච්චිකට්ටුව කෝට්ටපිටිය සිය නිවසේදීද නිරෝදායනය වී ඇතිබව වෛද්‍ය අංශ පවසයි.
මෙම අසාධිත තැනැත්තිය වැඩිපුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුලත් කිරීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කර ඇත. ඒ අනුව එම තැනැත්තියගේ පවුලේ සමාජිකයින්ගේ ජෛව සාම්පල කොටස් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම පිරිස් අනිවාර්ය නිරෝධායනයට යොමුකර ඇතිබව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී ජයසිංහ මහත්මිය සඳහන් කරයි.