බන්ධනාගාර තුළ පැවති දුෂණ අක්රමිකතාවන් ඉවත් කිරිමට රජයේ දැඩි පියවරයන් ගෙන තිබෙන බවත් බන්ධනාගාරය තුළ දුෂණ අක්රමිකතාවන් සිදු කිරිමට අනුබල දුන් නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව මේවන විටත් නීතිය ක්‍රියාත්මක කොට ඇති බව ආරක්ෂක ලෙක්ම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
අද (18) දින බන්ධනාගාර අධිකාරිවරුන් වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවන් වන වෙලේ සුදා , ඛන්ජිපානි අම්රාන් වැනි පිරිස්ගේ මුදල් මගින් තම දරුපවුල් පෝෂණය කිරිමට උත්සාහ නොගෙන අවංකව තම සේවා කාලය තුළ අවංකව සේවය කිරිමට තමන් විසින්ම ක්‍රියා කළ යුතු බවත් ආරක්ෂක ලෙක්ම්වරයා වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාරතුළ විධිමත් ලෙස සැකකරුවන් පාලනය නොවෙන්නේ නම් ඒ වෙනුවෙන්ද රජය ඉදිරියේදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන බවත් ඔහු අවධාරණය කළේය.
