ජංගම දුරකථන පදනම් කර ගනිමින් මුදල් හුවමාරු කරගත් ක්‍රමයක් භාවිතා කරමින් සිදුවන වංචා සහ පුද්ගලයින්ට තර්ජනය කර කප්පම් ගැනිම් සිදු කිරිමක් සිදු වන බවත් ඉන් ජනතාව ආරක්ෂාවන වන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කප්පම් ගැනිම සඳහා ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු වංචාවක් මෙහෙයවන බව අනාවරණය වි තිබේ.
පොලීසිය පවසන පරිදි වංචාකාර පුද්ගලයින් සමහර පිරිස් වෙත දුරකථන ඇමතුම් දි තර්ජනය කර ජංගම දුරකථන මුදල් හුවමාරු පද්ධති භාවිත කරමින් 25,000ක් හා 50,000 ආදි වශයෙන් මුදල් ලබා ගන්නා බවයි.
එම නිසා මෙම වංචාවන් සම්බන්ධයෙන් ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.
මෙවැනි වංචාකාර පුද්ගලයින් ඔබ වෙතත් දුරකථන ඇමතුම් ලබා දි ඇත්නම් හා ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙසත් 119 අමතන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම වංචාවන්ට ආදාළ පුද්ගලයින්ට ඉදිරියේදි අමාත්‍යාංශය විසින් දැඩි නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.