ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගේ තවත් විරෝධතාවක් ඇරිසෝනා ප්‍රාන්තයේ විශාලතම ඡන්ද ගණනය සිදුවන ෆීනික්ස් ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් මෙම රාත්‍රියේ 200ක පමණ පිරිසක් ඒ වෙත පැමිණ තිබුණත්, ඔවුන්ගේ හැසිරීම පෙරදා රාත්‍රියේ මෙන් කලහකාරී ස්වරූපයක් පෙන්නුම් කර නොතිබුණි.
පෙරදා රාත්‍රියේ ස්වයංක්‍රීය ගිනිඅවිවලින් සන්නද්ධ ආධාරකරුවන් ඡන්දය ගණන් කරන ගොඩනැගිල්ල වෙත ඇතුළුවීමට උත්සාහර තිබුණි.
මෙම විරෝධතාවන්හි සංවිධායකයන් විසින් විවෘත ගිනි අවි රැගෙන යාමෙන් වළකින ලෙස මෙවර මෙම පිරිස් වෙත ඉල්ලීම් කර තිබුණද, රැස්ව සිටි ආධාරකරුවන් අතරින් පතර එම ඉල්ලීම් නොතකා විවෘතව ගිනි අවි අතැතිව සිටි ආකාරය දැකගත හැකිවූ බව විදෙස් වාර්තා පවසයි. ඔවුන්ගෙන් ඇතමෙකු යුරෝපා මාධ්‍ය වෙත අදහස් දැක්වීම්ද සිදුකළ බව සඳහන් වෙයි. එමෙන්ම මෙම ආධාරකරුවන්ගෙන් බහුතරය මුඛ ආවරණ පැලඳීමක් හෝ සමාජ දුරස්ථභාවය තඹයකට මායිම් කිරීමක් නොකළ බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුවන මෙම ප්රජාතන්ත්ර විරෝධී හැසිරීම් පිළිබඳ කණස්සල්ලෙන් බලන විරෝධතාවන්ද එරටදී දැකගත හැකිවූ අතර, ඔවුන් බොහෝ දෙනෙකු පවසා තිබුණේ ලෝකයේම ඇස් මේ මොහොතේ ඇමෙරිකාව දෙසට හැරී ඇති බැවින්, වගකීමෙන් හැසිරෙන ලෙසය. නමුත් මෙම මැතිවරණය ඇමෙරිකානු ජනතාවගේ පෙරනොවූ විරූ බෙදීමක් පිළිබිඹු කරන්නක් බව දේශපාලන විචාරකයෝ අවධාරණය කරති.