වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්රදේශයේ රාත්රී ජංගම ආපනශාලාවකට අද 30 අලුයම පොලු මුගුරු සහ තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් තිදෙනෙක් එහි සේවකයෙකුට පහර දී පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුල්ලේරියාව මහවෙල පාර පදිංචිව සිටි මොහොමඩ් පස් නුර් 30 නැමැත්තෙකි
මෙම සිද්ධිය වීමට පැය කීපයකට පෙරදි මත්පැන් පානය කර ආපනශාලාව වෙත පැමිණි පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු ආපනශාලාවේ සේවකයා සමඟ බහින් බස් වීමක් සිදුවීමෙන් අනතුරුව එම සේවකයා විසින් එම පුද්ගලයාට කනට පහරදී ඇති බව පොලීසිය.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි පසුව එම පුද්ගලයා පැමිණි අනෙක් පුද්ගලයන් දෙදෙනා සමග ආපන ශාලාවෙන් පිට වී ගොස් තිබූ බව පොලිසිය කියයි
මද වේලාවකට පසු වෙනත් පුද්ගලයන් දෙදෙනෙක් සමග උල් පිහියක් සහ පොලු රැගෙන ත්රිරෝද රථයකින් පැමිණ තිබූ පහර කෑ පුද්ගලයා ආපනශාලා සේවකයාට පහරදී ඔහුගේ හිසට සහ පපු ප්රදේශයට පිහියෙන් ඇන පහර දී පළා ගොස් තිබු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම පිරිස ආපනශාලාවට කඩා වැදීමත් සමගම එහි සිටි තවත් සේවකයන් දෙදෙනෙක් පලාගොස් තිබූ බව පොලිසිය කියයි
බරපතළ තුවාල ලබා සිටි සේවකයා අයි ඩී එච් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
මෙම සිද්ධියෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි
වැල්ලම්පිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ජී එස් සිසිර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධම්මික මහතා පරීක්ෂණ පවත්වයි