ආපදාවට පත් බෝට්ටුවේ බීඩි කොළ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
- 25 08 2019
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාව විසින් ඊයේ (24) වන දින තලෙයිමන්නාරම, ප්රදීපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්රාවක තිබි බීඩි කොළ කිලෝග්රෑම් 120ක් සොයාගෙන ඇත.
ඒ අනුව උතුරු මැද නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්රාවක් මගින් අනතුරට පත්ව මුහුදේ පාවෙමින් තිබු ඩිංගි යාත්රාවක් පරික්ෂා කිරිමේදි එහි තිබි බීඩි කොළ කිලෝග්රෑම් 120ක් සහිත පාර්සල් දෙකක් සොයා ගෙන ඇත.
තවද, මෙම අනතුරට පත් යාත්රවේ ධීවරයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් ධීවරයෙකුගේ දිවි බේරාගෙන ඇත.
තවද, අනික් ධීවරයා සොයා නාවික හමුදාව මෙහෙයුමක් දියත් කරමින් පවති. මෙලෙස සොයාගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදෙන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
