ආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන් බවට සැකකරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද 22 අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව හලාවත මහේස්ත්‍රාත් ඞී. ඒ. ඒ. බුද්ධදාස මහතා විසින් මේ මස 24 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.
ඉකුත් 2020. 08. 25 දින ආනවිලූන්දාව රැම්සා තෙත් බිමට නීතිවිරෝධීව ඇතුලූවි අනවසරයෙන් එහි බිමි කොටසක් ඩෝසර් කර ඉස්සන් පොකුණු සෑදු ව්‍යාපාරිකයෙකු සහ ඩෝසර් ක්‍රියාකරවන්නෙකුට මෙම නීතිවිරෝධි ක්‍රියාව සිදුකිරීමට අනුබලදුන් බවට සහාපතිවරයාට පවරා ඇති චෝදනාවයි.
ව්‍යාපාරිකයා සහ ඩෝසර් ක්‍රියාකරු ඩෝසරය සමග ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඉකුත් 2020. 08. 28දා අත්අඩංගුවට ගනුලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිට ඉකුත් 2020. 09. 18 දින රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇපසහ තවත් ඇප කොන්දේසි 3ක් මත ගරු අධිකරණය විසින් ඇප ලබාදෙන ලදි.
විත්ති පක්ෂය වෙනුවෙන් තරංග දිසානායක , චින්තක කරණාරත්න ප්‍රසන්න හිලරි සහ රුවන් ප්‍රනාන්දු යන නීතිඥවරුන් පෙනීසිටි අතර පැමිණිලි පක්ෂය වෙනුවෙන් ආච්චිකට්ටුව පොලිස්ථානාධිපතිවරයා පෙනී සිටියේය.