ආනවිළුන්දාව රැම්සා තෙත්බිමේ ඩෝසර යොදා ගනිමින් සිදුකර ඇති විනාශය පිළිබදව හලාවත දිසා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා කියයි.
ආනවිළුන්දාව රැම්සා තෙත්බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සිමාවේ අක්කර 4කට ආසන්න බිමක් මෙසේ ඩෝසර් යන්ත්ර යොදා ගනිමින් වි දේශපාලන හයියෙන් අදාල ඉස්සන් ටැංකි සකසා ඇති බව වාර්තා වෙයි .
පරිසරවේදින් පවසන්නේ අදාල නීතිවිරෝධි කටයුත්ත සදහා 25 රාත්රියේ මෙසේ ඩෝසර් යන්ත්ර රැම්සා අභයට උඩප්පුව ප්රධාන මාර්ගයෙන් ඇතුල් කර ඉන්පසුව මුතුපන්තියට ගමන් ගන්නා අතුරු මාර්ගය පිහිටි පිංකට්ටිය ප්රදේශයෙන් රැගෙන විත් ඇති බව බවයි.
මෙයට පෙරද රැම්සා අභය භූමියට අවස්ථා ගණනාවකදී දේශපාලන හයියෙන් ඇතුල් වි එම භුමියට අයත් සිමාවන් බලහත්කාරයෙන් 2000 වසරේ හා ඉන්පසුවද ඉස්සන් ටැංකි සකසා තිබු බවත් ඉන්පසුව මෙම කටයුතු සදහා නීතිමය කටයුතු ක්රියාත්මක විමත් සමග අදාල පිරිස් එම භුමියෙන් ඉවත් වි තිබු බව කියයි.
වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක පරිසරවේදියකු වන අජීත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකී ,
“මේ රැම්සා තෙත් බිම අවස්ථා ගණනාවකදි දේශපාලඥයින්ගේ බල පුළුවන්කාර කමට වනසා දැමිම කලා .
ඒ සියලු දෙයටම දේශපාලන හයිය ගත්තා .නමුත් අපි මෙවර විශ්වාස කරනවා .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සදහා සුදුසු නීතිමය කටයුතු නිවැරදි විදිහට ගනි කියලා .මොකද එතුමා තුනෙක් දෙක ඉල්ලුවේ මේ සියලු විනාශ වලක්වන්න .
අපි බලා ඉන්නවා ජනාධිපතිතුමා මේ සදහා මැදිහත් වි අදාල පරිසර වනසන්නන්ට නීතිය ක්රියාත්මක කරන ආකාරය දෙස යැයි ඔහු පවසයි.