ආනයනික කිරිපිටි ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ අලෙවිකරන ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් අන්තර්ජාතිකමට්ටමේ පිළිගතහැකි පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියහ.
ආනයනික කිරිපිටි තුළ ඌරු තෙල්,මෙලමයින් ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය ඇතිබවට පැමිණිලි ලැබී ඇති බව නියෝජ්‍යඅමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ඊයේ (07දා) පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදීමන්ත්රීවරුමෙලෙස සිය අදහස් දක්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, බුද්ධික පතිරණ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, ආනයනික කිරිපිටිවල එවැනි විෂ ද්‍රව්‍ය අඩංගු නොවන බවට ආහාර සුරක්ෂිතතා කමිටුව මගින් තහවුරුකර තිබෙන බවත්ය. එසේම මේ සම්බන්ධ වාර්තා අවශ්‍යනම් සභාගතකළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
ආනයනික කිරිපිටිවල විෂ රසායනික අඩංගු බවට බ්රිතාන්යපරීකෂණ වාර්තාවක සඳහන්ව ඇතිබවත්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් පාර්ලිමෙන්තු මන්ත්රීවිමල් වීරවංශ මහතා එහිදී අදහස් දක්වමින් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

