ආනයනික කිරි ගවයින් ගැන ජනාධිපති පරික්ෂණ අරඹයි
මෙරට කිරි කර්මාන්තය නැංවීමේ අරමුණින් කිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් අනායනය කිරිමේදි හා ගොවින් හට බෙදාදුන් කිරි ගවයින් සම්බන්ධව සිදුවි ඇති අක්‍රමිකතා සම්බන්ධව ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව විසින් එහි පරික්ෂණ කටයුතු ඊයේ (25) අරඹන ලදි.
මෙම කිරි ගවයින් ලංකාවට ගෙන්වීමේදි හා එම ගවයින් බෙදාදිමේදි සිදුවි ඇති අක්‍රමිකතා සම්බන්ධව මෙරට කිරි ගොවියන් විසින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටි 2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ ආයතනවල සිදුවි ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව සඳහා ලංකා කිරිගොවිපල හිමියන්ගේ ( සිලෝන් කැටල් ෆාමස් ෆෙඩරේෂන් ) කිරි ගොවිපල හිමියන් විසින් පසුගිය පෙබරවාරි මස 21 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම පැමිනිල්ල ඉදිරිපත් කල කිරිපලගොවි මහතෙක් වු අමල් සුරියගේ මහතා පවසා සිටියේ ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව විසින් කිරි ගවයින් ආනයනයේදි සිදුවු අක්‍රමිකතා සම්බන්ධව පැමිණිල්ල කොමිසන් සභාව විසින් මුලින්ම පරික්ෂණ ඇරඹිම සම්බන්ධව කටයුතු කිරිම ගැන සතුටට පත්වන බවය.
මෙම පැමිනිල්ලේ ආනයනික කිරි ගවයින් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇතැයි ද එම ගවයින්ගෙන් රජය මගින් පැවැසු පරිදි කිරි අස්වැන්නක් ගත නොහැකි සතුන් ලබා දි ඇතැයි ද ඔවුහු පවසති.
මේ වනවිට ආනයනික දෙනුන් හා පැටවු 1,000 ට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවද රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මෙම සතුන් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇති බවත් පෙන්වා දි ඇත.
මෙම රෝගය මෙරට ඇති අනිකුත් ගවයන්ටද රෝගය වැලදුණහොත් මෙරට පශු සම්පත සම්පූර්ණයෙන්ම විනාශ විමේ අවධානමක් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැනුවත් කර මාස 6ක් පමණ ගතවුවත් රජය මගින් කිසිදු පියවරක් මේ සඳහා රැගෙන නොමැති බවද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන්ය.

popular news
-
Champa Tuesday, 26 March 2019 05:56 PM
පිටරටින් ආපහු තව කිරි ගවයෝ lot එකක් ගේන්න යනව කියලා පත්තරේ තිබ්බ. කොච්චර පාඩු වුනත් ඒ වැඩේ නවත්තන්න ඕනේ. කිරි හරක් මනෝ විද්‍යාව දන්නවා නම් අලුතෙන් ශත පහක් වැය කරන්නේ නැතුව කිරි හරකුන්ගේ කිරි අස්වැන්න වැඩි කරගන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

