කොටිකාවත්ත ආදාහනාගාරයේ මළ සිරුරක් පිළිස්සීමට යාමේදී ඇතිවූ ගෑස් කාන්දු වීමකින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා හත්දෙනෙකු රෝහල් ගතකර තිබේ.
තුවාල ලැබූ හත්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ඉතිරි පිරිස සුළු තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.
මළසිරුර ඉදිරිපස දොරටුවෙන් ආදාහනාගාරයට ඇතුළත් කර අදාළ ගිනි දැල්වීම සිදුකිරීමේදී පිටුපස දොරටුවෙන් ගිනිදැල් පිටතට පැමිණීම හේතුවෙන් අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිටි පිරිසක් මෙලෙස පිළිස්සුම් තුවාල ලබා තිබේ. මේ පිළිබඳව කොටිකාවත්ත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.