ආණ්ඩුවට සැර බෙහෙතක් දෙන්න අපිට සිදු වෙනවා
පාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් මැයි 9-10 දෙදින ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්නට ගුරු විදුහල්පති සංගම් විසින් තීරණය කර තිබේ.
අද (31) කොළඹ පැවති ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවකදි එම සංගම් නියෝජිතයන් විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ගය සම්බන්ධව මෙසේ පැවසිය,
"පෙබරවාරි 13 වැනිදා ලංකාවේ ගුරුවරු විදුහල්පතිවරු ගෙන ගිය වෘත්තිය අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ගැන අපට දැන් වැටහීමක් තිබෙනවා.
එක්දින අසනීප නිවාඩු ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කළාම ආණ්ඩුව සද්ද නොකර හිටියේ අසාර්ථක වෙයි කියන අපේක්ෂාවෙන්. නමුත් ගුරුවරු සහ විදුහල්පතිවරු තමන්ගෙ ඉල්ලීම් වෙනුවෙන් එම දවසෙ අරගලය සාර්ථකව ක්‍රියාවට නැගුවම පාසල් අක්‍රිය වුණාම ආණ්ඩුව කලබල වුණා.
කවදාවත් නැති කම්පාවකින් දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්න පටන් ගත්තා. නමුත් පාසල් අධ්‍යාපනයට අත්‍යවශ්‍ය ගුරුවරු හා විදුහල්පතිවරුන්ගෙ සාධාරණ අයිතින් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු වගකිවයුතු පියවරක් තවමත් අරගෙන නෑ. එක්කො ආණ්ඩුවට මේ ගුරුවරුන්ගෙ හා විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න අදාල නෑ. ඒත් නැතනම් අපි ගත්ත ක්‍රියාමාර්ගය දැනිලා නෑ. එහමෙ නැත්නම් දැණුනත් නොදුණුනා වගේ ඉන්නවා.
13 වැනිදායින් පස්සෙ ගෙවුණු සති දෙකක් කියන්නෙ ආණ්ඩුවකට පොඩි කාලයක් නෙවෙයි, ආණ්ඩුවට මේ ප්‍රශ්න විසදන්න කාලය මදි නම් විසදන්න අවශ්‍ය පියවරක් තියන්න මේ කාලය ප්‍රමාණවත්.
අපි දන්නවා මේ වසර 22ක කාලය තුල මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, පැවති හැම ආණ්ඩුවකටම මේ ලෙඩේ තිබුණා. හැම ආණ්ඩුවම ගුරුවරුන්ට නොසලකන, රවට්ටන, ගොනාට අන්දන පිළිවෙතක් ක්‍රියාත්මක කළා. මේ අසනීපය දිගටම පාලකයන්ට තිබුණා. මෙවරත් මේ ආණ්ඩුවටත් ඒ බෙහෙත අල්ලලා නැති බවයි පෙනී යන්නෙ. එක්කො අපිට ඒ බෙහෙත් වේල වැඩිකරලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා සැර බෙහෙතක් දෙන්න වෙනවා" යනුවෙනි .

popular news
-
Demuni de silva Sunday, 31 March 2019 09:27 PM
To teachers' unions: DON'T play with children; if children may happen to strike what shall you do?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

