ආණ්ඩුව ෆෝන් ටැප් කරනවා - ඩලස්
ආණ්ඩුව එල්ලිය හැකි අවසන් පිදුරු ගහේ එල්ලීමට නුගේගොඩ ප්‍රදේශයේ නිවසක සිට ජනතාවගේ දුරකථන ඇමතුම්වලට සවන්දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (08දා) පැවසීය.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලඥයන් පමණක් නොව මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් ප්රවෘත්ති අංශවල ප්‍රධානීන්, මාධ්‍යෙව්දීන් නම් කර ඔවුන්ගේ දුරකථන ටැප් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජපන් රජයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ලැබුණු සන්නිවේදන උපකරණ භාවිත කරමින් මෙම කාර්ය කරගෙන යන බවත්, මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

popular news
-
Ruwan Wednesday, 08 August 2018 03:21 PM
දන්නේ නැති නිසා අහන්නේ, ඒ කාලේ කරේම නැද්ද.
Reply : 0 0
mahinda Wednesday, 08 August 2018 04:51 PM
ඕක අලුත් දෙයක්ද ? හැම රටක්ම වගේ මේවා කරනවා. ඔබ තුමා කියන්නේ පසුගිය රජය එහෙම කලේ නැහැ කියලද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
