ආණ්ඩුව හරියට කළේ විදුලි කප්පාදුව සහ තෙල්මිල සූත්රය පමණයි
වත්මන්ආණ්ඩුව නිසියාකාරව සිදු කළේ විදුලි කප්පාදුව සහ තෙල්මිල සූත්රය පමණක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (01දා) පැවසීය.ප්රභාකරන්ගෙන් මුදවා ගත් රට අනාගත පරපුරට ජීවත්වීමට සුදුසු පරිදි පවත්වාගෙන යා යුතු බවත්,ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවා ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට සූදානම් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
'කම්කරු අයිතීන් සුරකිමු,ත්රස්තවාදය පරදවමු,ජාතික සමගිය ගොඩනගමු' මැයෙන් කෝට්ටේ නගරසභා ශාලාවේ පැවැති ඒකාබද්ධ මැයි දින සැමරුමට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
“ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුව මුලින්ම 1988දී මැයි දිනය තහනම් කළා.දිනේෂ්ලා එම තහනම කඩලා මැයිදින රැස්වීමක් පැවැත්වුවා.මම කම්කරු ඇමතිවෙලා සිටියදී අපේ ආණ්ඩුව යටතේ 1996දී යළිත් වරක් මැයි දිනය තහනම් කළා.වාසුලා එම තහනම් නොතකා එදා පෙළපාළි ගියා. අද ඒ විදියටම මැයි දිනය තහනම් කර තිබෙනවා.ලෝක කම්කරු දිනය සැමරීමට අපට අයිතියක් තිබෙනවා.
නමුත් එක්සත් ජාතික පක්ෂයට කම්කරුවන් සැමරීමට වුවමනාවක් නැහැ.ඒ අය ඕනම අවස්ථාවක ලෑස්තියි මැයිදිනය තහනම් කිරීමට.මේ වනවිට රටේ ආර්ථිකය සෝමාලියාවට වඩා කඩාවැටිලා. බෝම්බකරුවන් නිසා ජනතාවට භීතියෙන් ජීවත් වෙන්න සිදුවෙලා.මෙය නවත්වන්න මේ අයට ලැබුණු බුද්ධි අංශ තොරතුරු අනුව කටයුතු නොකිරීම ගැන ප්රශ්නයක් ඇතිවෙනවා.
අද බුද්ධි අංශ ඇතුළු ත්රිවිධ හමුදාව පරක්කුවෙලා හරි ත්රස්තවාදීන් මර්දනය කරමින් යනවා.අපි අපේ හමුදාව ගැන විශ්වාසය තැබිය යුතුයි.පිටරටින් උපදෙස් ගත්තට කමක්නෑ, ඒ අයගෙ හමුදාවන්ට මෙහේ ඇවිත් ඉන්න බැහැ.අපේ මිනිස්සු ගැන අපි විශ්වාසය තැබිය යුතුයි. රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම නතර කර සියලු දෙනා එක්ව මේ රට ගොඩනැගිය යුතුයි.මේ ආණ්ඩුව හරියට කළේ ලයිට් කපපු එකයි,තෙල්මිල සූත්රය ක්රියාත්මක කිරීම පමණයි.මේක ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙමෙයි.ඔවුන්ගේ එකම පරමාර්ථය පළිගැනීම පමණයි.*

popular news
-
chathuri Wednesday, 01 May 2019 08:14 PM
ආණ්ඩුව ඔය රජ පක්ෂවරු උන්ගේ. දරුවෝ හිටන්. කරපු. අපරාද. සියල්ලම. හැංගුවා ,තමුන්. ඒකට මොකද. කියන්නේ , ආණ්ඩුව ආවේ හොරු. අල්ලනවා. කියාගෙන නමුත්. හොරුටික. තවමත්. නිදැල්ලේ , මෙපමණ. කලක්. ආණ්ඩුව කෙරුවේ. සමහරු. මුන්ට. කඩේ. ගිය එක විතරයි , දැන්. බොරුවට ආණ්ඩුවට. දොස්. කියනවා. අයියල ,මල්ලිලල පරදින්න. කලින් මේ. මුස්ලිම්. අන්තවාදීන් ගේ. සංගමයට. මුල්ගල. තියලා පැරදුනේ බැසිල් ,කියනවා පල්ලි 240 ක් මහින්දයි. මමයි. හදල. දුන්නා කියලා ඒක අහන්න. බලන්න. කැමතිනම්. කියන්න. ලග. තියෙනවා , රණවිරුවෝ රට. බේරාගත්තු දවසේ. ඉඳල. රට විනාශ. මුකයට. ඇදන් ගියේ. මේ රාජපක්ෂ පරම්පරාව , මිනිසුන්ගේ. මනස. සම්පුර්ණයෙන්. විනාස. කෙරුවා. ,දැන්. රජයට බනිනවා , බිරිද හොරකම් කරලා සාක්කි දෙන්න. උසාවි යන්නේ නැතිව අදිකරණය. කකුල් දෙක. ලගට. ගෙනවා , කොහේ. තියෙන. නීතියක්ද ඒවා. කරන්න , මිනිසුන්ව ගොනාට අන්දන්න. එන්න. එපා , 225 අන්ද. ගන්න උන්ට. බලයේ ඉන්න ඕන දහා ජරා. වැඩක් කරයි ,නමුත් රට වැසියා බඩ ගින්නේ. හිටියත් සක්කිලි වැඩ. කරන්නේ. නැහැ. තියෙන සක්කිලි වැඩ සේරම. කරලා මල් වට්ටිය අරන් පන්සල්. යනවා ලැජ්ජාවක් නැතිව ලැජ්ජාවක් නැතිනිසනේ මේ විදියට. රජයට බනින්නේ. , මේ හැතිකරෙගේ බඩ අඩු කෙරුවනම්. රටේ විනාසය නතර කරන්න පුළුවන්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

