ආණ්ඩුව අපහසුවට පත්කරන්න එජාපයේ බිම් මට්ටමට උපදෙස්
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයක් තිබෙන බැවින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන ලෙසට බිම් මට්ටමේ පාක්ෂිකයින්ට උපදෙස් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ අනුවවිවිධ ප්‍රශ්න භාවිතා කර ඉදිරියේදී කොළඹ නගරයේදී හැකි උපරිමයෙන් අදාළ කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් සිදුකරන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ශක්තිය, මතවාදය දේශපාලන හයිය රැඳී තිබෙන්නේ මෙම නායකයින් දෙපළ වටා බවත්,මේ නිසා නායකයින් දෙපළගේ චරිතය විනාශ කිරීමට පසුබිම් සකස් කරමින් තිබෙන බවත්, මෙවන් තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ සමහර පිරිස් සිටින්නේ වෙනත් ලෝකවල බවද ඔහු පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් තිබෙන බව පවසමින් ආණ්ඩුවේ සමහර පිරිස් ඒ දෙස බලාගෙන සිටින බවත්,එහෙත් පුංචි දෙයක් වුවත් ලොකු කරගෙන එය ප්‍රචාරය කිරීමට මාධ්‍ය මෙහෙයුමක් පවා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර තිබෙන බවද ඔහු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
