ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන විවාදයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවේචන එල්ල කර තිබෙන බැවින් ලබන 21 වැනිදා හෝ 22 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.
තමන් විසින්ම පත්කළ කොමිෂන් සභාවලට විරුද්ධව ජනාධිපතිවරයා අදහස් පළකරමින් සිටින බවත්, මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකු පමණක් ඇතුළත් වන සේ සියලුම පක්ෂවලට සාධාරණයක් වන පරිදි ආණ්ක්‍රම ව්‍යවස්ථා සභාව පත්කර තිබෙන බවද හෙතෙම පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයා රටට විරුද්ධ දේශද්‍රෝහී පිළිවෙතක් අනුගමනය කරන බවත්, නිදහස් දිනයේදී (04දා) සහ ඊයේ (06දා) දිනයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශවලින් එම කරුණු පැහැදිලි වූ බවත්ය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

