රටේ අධ්‍යාපන පද්ධතිය අඩාළ කිරීම සඳහා වෘත්තීය සමිති විසින් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් එය තරයේ හෙළා දකින බවත් ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් ඕනෑම දෙයක් සිදුකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එළඹෙන 26 දින ගුරු වෘත්තීය සමිති විසින් වැඩවර්ජනයක් කැඳවා තිබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී අදහස් දැකවූ අමාත්‍යවරයා, ඇතැම් අධ්‍යාපන බලධාරීන් තම වෘත්තීය බලතල යොදාගනිමින් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට හා සිසුන්ට බලපෑම් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී මෙලෙස තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන මෙම පිරිස් සම්බන්ධව තම අප්‍රසාදය පළ කරන බවත් වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී ගුරුවරුන්ට තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පුළුල් විමර්ශනයක් ඉදිරියේ දී ආරම්භ කරන බවත් පැවසීය.
එසේම ජූලි 26 වෙනිදා පැවැත්වෙන විරෝධතාවට සහාය පළ නොකර පාසලට පැමිණෙන බව පවසන ගුරුවරුන්ට විවිධ හිරිහැර හා තර්ජන කිරීම මෙන්ම අසූචි ප්‍රහාර සිදුකරන බවටද ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී ඇති බවත් වෘත්තීය සමිති මෙවැනි පහත් තත්ත්වයකට පත්වීම සම්බන්ධව තම පිළිකුල ප්‍රකාශ කළේය.
පසුගිය කාලය තුළ දේශපාලන හා වෙනත් විවිධ හේතු මත රාජකාරි ස්ථානයන්හිදී පීඩාවට ලක්ව උසස්වීම්, වැටුප් වර්ධක ඇතුළු රැකියා වරප්‍රසාද අහිමි වූ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට පක්ෂ භේදයකින් තොරව විනිවිදභාවයකින් සහ නීත්‍යානුකූල පරිදි සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන විට එයට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයමින් රටේ අධ්‍යාපන පද්ධතිය නොමග යැවීමට ඊනියා වෘත්තිය සමිති කටයුතු කිරීම මගින් පෙනීයන්නේ අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීමේ කුමන්ත්රණකාරී උත්සාහයක් බව හෙතෙම පෙන්වා දුන්නේ.
එසේම මෙලෙස දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබා දුන් කිසිවකුට තනතුරු ලබා දී නැති බවත් දේශපාලන පළිගැනීම් සිදු වූ බවට තහවුරු වූ සුදුසුකම් සහිත පිරිස් වෙත ශ්‍රේණිය සහ වැටුප් පමණක් ලබා දී ඇති බවත් පැවසීය.
මෙලෙස සහන ලැබූ පිරිස් අතර ගුරු වෘත්තීය සමිතිවල නායකයන් මෙන්ම ක්රියාකාරකයන් බොහෝ පිරිසක් සිටින බවත් වෘත්තීය සමිති එක් පැත්තකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යහපාලන රජයෙන් ලබාදෙන සහන ලබාගනිමින් ඒ සමගම එයට විරෝධය දක්වන බව පෙන්වමින් දෙබිඩි පිළිවෙතක කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.
ඔවුන් පවසන ආකාරයට නුසුදුස්සන්ට උසස්වීම් ලබාදෙන්නේ නම් වෘත්තීය සමිති කළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වා රටේ දරුවන් සහ අධ්‍යාපන පද්ධතිය විනාශ කිරීම නොව අධිකරණය හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවත් නමුත් දිගින් දිගටම රටේ අධ්‍යාපනය බිල්ලට ගනිමින් සංදර්ශන පවත්වනවා මිස සද්භාවයෙන් යුතු යුක්තිය පසිදලීමේ ක්‍රියාමාර්ගයකට ඔවුන් අවතීරණ නොවූ අතර එක් වෘත්තීය සමිතියක් පසුගිය 11 වනදා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන කමිටුවට නුසුදුස්සන් රැසකට මේ හරහා උසස්වීම් හිමිවන බව සඳහන් කරමින් ලිපියක් ලබාදෙමින් නිදසුන් ලෙස පුද්ගලයන් හත් දෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් නිර්දේශ කර ඇති බව සඳහන් කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නමුත් මෙම ගුරු සංගමය නුසුදුසු පුද්ගලයන් යැයි නිදසුන් ලෙස මෙලෙස නම් වශයෙන් සඳහන් කළ මෙම පුද්ගලයන් හත්දෙනාගෙන් පුද්ගලයන් පස් දෙනෙකුම දේශපාලන පළිගැනීම් හේතුවෙන් උසස්වීම් හෝ වෙනත් කිසිදු සහනයක් ලබාදෙන ලැයිස්තුවක හෝ නැති බවත් දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබාදීමට යෝජිත නම් ලැයිස්තුව ඉදිරිපත් කරමින් හෙතෙම පැවසීය.
එසේම වෘත්තීය සමිති නිදසුන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් ලබාදෙන බවට සඳහන් කර ඇති අනෙක් දෙදෙනාගෙන් එක් අයකු විදුහල්පති සේවයේ 1 පන්තියට හා අනෙක් තැනැත්තා විදුහල්පති සේවයේ 2 පන්තියටත් උසස්වීමට යෝජනා වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
අසාධාරණයට එරෙහිව පෙනී සිටින බව පවසන මෙම වෘත්තීය සමිති අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 852ක් නැති වීම සම්බන්ධව හෝ ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190ක හිඟයක් තිබීම සම්බන්ධව උද්ඝෝෂණ නොකළ බවත් වර්තමාන රජය ඒවා හඳුනාගෙන පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නිසි පියවර ගත් බවත් මෙම වෘත්තීය සමිති තරග විභාගයක් පවත්වා නිසි ක්‍රමවේදයක් අනුව පුරප්පාඩු පැවති බැවින් පද්ධතියට බදවාගත් විදුහල්පතිවරුන් 4,000 ක් අතරින් විදුහල්පතිවරුන් 3,000 ක් පළාත් සභා විසින් විදුහල්පති තනතුරේ පිහිටුවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධව එම පළාත් සභාවලට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සඳහන් කළේය.
එබැවින් මෙම වෘත්තීය සමිති අධ්‍යාපනය තුළ අර්බුද මවාපාමින් පටු දේශපාලන වාසි ලබාගැනීම සඳහා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බිලිබාගැනීම බව පැහැදිලි බැවින් මෙම තත්ත්වය බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගත යුතු බවත් කුමන අභියෝග පැවතියද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හෝ විභාග කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලුම විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කරන බව එහිදී අවධාරණය කර සිටියේය.
