ආණමඩුව මුලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
අදාල සෞඛ්‍ය කාර්ය මංඩලය මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ ආණමඩුව කිවුල ගම්මානයේ 30 හැවිරිදි කොරෝනා ආසාධිත කාන්තාවක් පසුගිය 3 දින ආණමඩුව මුලික රෝහලින් ප්‍රථිකාර ලබා ගැනීම හේතුවෙන් බව කියයි.
මෙම කාන්තාව හලාවත මහ රෝහලට 5 දින ඇතුලත් කිරිමේන් පසුව කොරෝනා ආසාධිත බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වි තිබුණි.