ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ගත්තේ කවුදැයි නොදන්නා තරමට ආණ්ඩුව විහිලුවක් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්ධන මිල වැඩිකිරීමේ තීන්දුව සම්බන්ධයෙන් රට පුරා ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් තමන් විසින් සාමූහිකව ගත් තීරණය එසේ නොවන බව සඳහන් කරමින් එක් අයෙකු ගිලටීනයට දැක්කවීමට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය කටයතු කරමින් තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩුව තෙල් මිල වැඩිකිරීමට ගත් අත්තනෝමතින සහාසික තීන්දු වහාම හකුලා ගත යුතු බවත් ආණ්ඩුවේ බල අරගලය හේතුවෙන් අවසානයේදී ගිලටීනයට යන්න වෙන්නේ ජනතාවට බවත් ඔහු පවසයි.