ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක සිටින බවත් මේ වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.62ක් තරම් පහළ අගයක් ගනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
අද (22දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.
“ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා. මෙය කෙතරම් දරුණු ද කියනවා නම් ආණ්ඩුව චක්‍රලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. අලුත් මිලදී ගැනුම් සියල්ලම නවත්තලා. වාහන ගෘහ භාණ්ඩ මේ සියල්ලක්ම.
දෙසැම්බර් 31 වෙනකොට ලංකාවේ ආර්ථික වේගය ගැන පුරෝකතනය කරලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව වගේම ලංකාවේ සෙන්ට්‍රල් බැංකුව.
මේ සියලුම පුරෝකථන වලින් කියන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.62 යි කියලා. දකුණු ආසියාවේ සම්පූර්ණයෙන්ම දුර්වල ආර්ථික වර්ධන වේගය තියෙන්නේ අපේ රටේ.
ලංකාවේ ව්‍යාපාර ගණනාවක් ඉදිරියට යා නොහැකිව පසුපසට එමින් තිබෙනවා මෙවැනි ආර්ථික අර්බුදයක් තියාගෙන එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ. මේ කරුණු ඔක්කොම ගත්තම මේ රජය මැතිවරණ නීති උල්ලංඝනය කරන පොරොන්දු කඩ කරන රට ආගාධයට ගෙනියන රජයක්.”