වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ, ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (30) විරෝධතාවයක නිරත වුහ.
රටේ ඇතිව තිබෙන තත්ත්වය මත තමන්ට වැටුප් අත්තකාරම් මුදල්ද මෙසේ අඩුවෙන් ලබාදීම නිසා විශාල දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසති.
තලවකැලේ- ඩයගම මාර්ගය අසලට ආගරපතන ප්රදේශයේදි එක්රැස් මෙම පිරිස මුඛ ආවරණයන් පවා භාවිතා නොකර සමුහ වශයෙන් එක්රැස්ව මෙසේ විරෝධතාවයේ නිරතව පසුව විසිරී ගියහ.
