ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.
ජේ්යෂ්ඨ මට්ටමේ තනතුරු 17 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක් සහ ද්විතීක මට්ටමේ තනතුරු 121 ක මෙන්ම ප්රාථමික මට්ටමේ තනතුරු 19 ක පුරප්පාඩු පවතින බවයි එම කාරක සභාවේදී අනාවරණ විය.
එම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කර ඇති අතර එම තනතුරු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙසයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.